එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සියලුම කණ්ඩායම් වෙත නැවතත් පක්ෂයට එක්වීමට දොරටු විවෘත ද පවතින බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (04දා) ගාල්ලේ දී පැවැසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ අද (04) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
"අපේ පක්ෂයේ ව්‍යවස්තාවේ එදා තිබුණු කරුණම තමයි අදත් සටහන් වෙන්නේ. අපේ පක්ෂයේ සාමාජිකයන්ට වෙනත් දේශපාලන පක්ෂයක් පෝෂණය කරන්නට හෝ එවැනි පක්ෂයක සාමාජිකත්වය ලබා ගන්නට හැකියාවක් නැහැ.
පක්ෂයට එරෙහිව ක්‍රියා කරන අයට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගත්ත පියවර ම තමයි අද පකෂය අරගෙන තිබෙන්නේ. මේ හැම නායකයෙක්ම ඒ පියවරයන් ගන්නකොට අපි හිටගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි නායකත්වයි සමගයි.
ඉතින් ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හැටියට මම හිතානවා මේ රටේ මේ රටේ පාලන බලය ලබා ගන්න දේශපාලන පක්I ක්‍රියා කරනවා නම් මේ රට පාලනය කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් වෙන්න ඕන මහජනතාවට කරුණු කියන්න
අනිත් එක ඔය කණ්ඩායම ඔච්චර ශක්තිමත් නම් බලවත් නම් ඔච්චර ඒ අයට පිළිගැනීමක් තියෙනවා නම් ඒ අය මොනවටද එක්සත් ජාතික පක්ෂයේ එල්ලෙන්නේ.
අපි බලවත් අපි ශක්තිමත් අපිට කවුරුවත් ඕනෙ නෑ. ඔය කණ්ඩායමේ අය දුර්වලයි කියලා ඒ අය දන්නවා. ඒ නිසා ඒ අයගෙනුත් තේරෙන පිරිස් අද අවබෝධ කරගෙන තියෙනවා එක්සත් ජාතික පක්ෂයට එකතු විය යුතුයි කියලා.
ඒ ඕනෑම අයෙකුට එක්සත් ජාතික පක්ෂයට එකතු වී ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ දොර සමස්ථ එක්සත් ජාතික පාක්ෂකයින්ට තියෙනවා කියලා මේ වෙලාවේ මතක් කරන්න කැමතියි"