එක්සත් ජාතික පක්ෂය මේ වන විට ගැටලුවකට මුහුණ දී ඇති බවත් ඒ හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහායක් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
අද (04දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මෙම මැතිවරණයෙන් ආසන 150ක් ලබා ගැනීමේ ඉලක්ක ගත අරමුණින් තමයි මෙවර සියලු කටයුතු සැලසුම් වී තිබෙන්නේ. විශේයෙන් ජයග්‍රහණය නොකළ දිස්ත්‍රික්ක වන නුවරඑළිය, වව්නියාව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරනවා.
දැන් එක්සත් ජාතික පක්ෂය දිහා බැලවාම අනිච්චාවත සංඛාරා කියලා කියන්න වෙන්නේ. විවිධ ලකුණු ඔස්සේ නායකත්ව පෙරලියකින් විශාල අර්බුදයකින් පෙළෙන අවධියක එජාප පාක්ෂිකයෝ අනාථ වී ඇති අවස්ථාවක දැන් පොහොට්ටුවට ඡන්දය ලබා දීමට පැමිණෙන බවක් අපි දකින්නේ.
හැබැයි එක්සත් ජාතික පක්ෂය විවිධ අර්බුද නිර්මාණය කරගෙන මේ කරන නාඩගම එක් අතකින් අපට සහය දීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
මහ බැංකු මුදල් මංකොල්ලය සිදු කළා වු පුද්ගලයින් විදිහට පසුගිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යන අය පෙන්වා දිය හැකියි.
වෝහාරික විගණන වාර්තාව ඔවුන් කළ එම වංචාව වසන් කිරීමට ගත් එක් උපායක් ලෙසයි අපි දකින්නේ. මීට සම්බන්ධ කර ගත් එම මුල්‍ය සමාගම් දෙක මේ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගන්නා බවත් සඳහන් කර තිබුණා.”