නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
නව ප්‍රභේද ඇතිවීම කොවිඩ් පවුලේ වෛරස වල සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත් වසංගතය පාලනය කිරීමේදී එය බරපතල අවධානයට ලක් විය යුතු කරුණක් බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් බරපතල තත්වයක් ඇතිවී ඇති බවත් ඔහු සඳහන් කරයි.
කොවිඩ් නව ප්‍රභේද පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අවශ්‍ය "ජාන අනුක්‍රමික විෂ්ලේශක යන්ත්‍ර" සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර කිසිවක හෝ නොමැත්වීම හේතුවෙන්, එවැනි පර්යේෂණ සිදු කිරීමේ හැකියාවක්, වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වලට නොහැකි වීම පිළිබදව රජය සහ සෞඛ්‍ය බලධාරීන් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර (Gene Sequencing Analysers) මිළදී ගැනීම සඳහා අවස්ථා තුනකදී උත්සහ කර ඇති නමුත්, එය කිසියම් පාර්ශ්වයක බලපෑම මත නැවත නැවත අත්හිටුවීමක් සිදුවන බව නිරීක්ෂණය වන්නේ යැයිද ඔහු පවමයි.
කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවස්ථාවේදී ආසියනු සංවර්ධන බැංකුව හරහා එම යන්ත්‍රයක් වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමට අදාල සියළු කටයුතු සිදු කර, සෞඛ්‍ය බලධාරීන් විසින් එය නොසලකා හරින ලදී.
පසුගිය අප්‍රේල් මාසයේදී ලෝක බැංකු ආධාර යටතේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීම සදහා, යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබියදී, 'කොරෝනා දැං ඉවරයි’ කියමින් ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයෙකු විසින්, එම සියළු උපකරණ මිල දී ගැනුම අත් හිටවූ බව තොරතුරු වාර්තා වාර්තා වන බවත් ඔවුන් පවසයි.
ඒ හේතුවෙන් එම ආධාර මුදල අපතේ යන තත්වයකට පත් වෙමින් තිබෙන බවට වාර්තා වන බවත් ඔහු පවසයි.
කෙසේ නමුත්, එංගලන්තයේ කොරෝනා නව ප්‍රභේද සෙවීමට පෙර, ලංකාව තුළ දැනටමත් නව ප්‍රභේද තිබෙනවාද යන්න පිළිබදව පවා තහවුරු කිරීම සඳහා වෛරස වැඩිදුර අධ්‍යනය අත්‍යාවශ්‍ය බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාශය සතුව එකම එක යන්ත්‍රයක් පවා නොමැති වීම බරපතල නොසලකා හැරීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.