එක දේශපාලන පක්ෂයක් සතුටු කරන්න හෝ මැතිවරණයේදී සන්ධානයක් ඇති කරගැනීමට විදේශ අමාත්‍යාංශ භාවිතා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශ මගින් එක් පක්ෂයක දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කරන විට ජාතික විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට මන්ත්‍රීවරයා පැවසුයේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
පහුගිය වසර කිහිපය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ රාජකාරිය හරි හැටි කරනවාද නැද්ද කියන කාරණය සමාජය තුළ මහත් කතාබහට ලක්ව තිබුණා.
ඒ වගේම පහුගිය කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය මානව හිමිකම් වලටම ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් බවට පත්වෙලා තිබුණා. අමාත්‍යාංශ ව්‍යුහය තුළත් බොහෝ ගැටලු තිබෙනවා.
බඳවා ගැනීම්, පුහුණුවීම් ආදී ගැටලු බොහෝමයක් තිබෙනවා. එතැනින් එහාට ගිය ගැටලුවකුත් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද? රජයක් විදිහට ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදී රජයක් විදිහට කොතරම් අවධානය යොමුකරනවාද කියලා අපට ගැටලුවක් තිබෙනවා යැයි ඔහු පැවසිය.