වසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා දැමීමට තිරණය කර තිබේ.
බ්‍රහස්පතින්දා සවස සිට මෙම අඟුළු දැමීම ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියාවේද මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගරත් මේ වන විට අඟුළු දමා තිබේ. කැන්බරා නුවර ආසාදිතයාට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් සොයාගෙන නොමැත.