එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබිණි.
ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේ, විමර්ශනවලට අදාළව අද දිනයේ අධිකරණයෙන් නියෝග කිසිවක් අපේක්ෂා නොකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී තිබු අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඒ අනුව අදාළ නඩුව අගෝස්තු මස 6 වනදා යළි කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කළේය.