එක්සත් රාජධානියේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 40,000ක් ඉක්මවූ බව එරට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගෙවීගිය දිනයේ එක්සත් රාජධානියෙන් කොරෝනා මරණ 357ක් වාර්තා වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (06දා) අලුයම වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 40,344ක් බව සටහන් කළේය.
එසේම එක්සත් රාජධානියෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 284,734ක් බවද එම දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව ඊයේ දිනය දක්වා නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීහු පවසති.