එක්සත් රාජධානියේ සෙනසුරාදා දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 2,988ක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයෙන් පසු වැඩිම දෛනික සංඛ්‍යාව බව ඊයේ (06දා) ප්‍රකාශයට පත් කරන ලද රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
එමෙන්ම ගෙවීගිය දිනයේ තවත් ආසාදිතයන් 2,248ක් වාර්තා වී ඇති අතර මේ අනුව එක්සත් රාජධානියේ වාර්තාගත සමස්ත ආසාදිත අගය මේ වනවිට දැක්වෙන්නේ 349,500ක් ලෙසිනි.
මීට අමතරව, කොවිඩ් -19 වෛරසය ආශ්රිත 41,640ක් මේ වනවිට එක්සත් රාජධානියේ නිල මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි.
නව සංඛ්‍යාලේඛනවලට ප්‍රතිචාර දක්වමින් ස්කොට්ලන්තයේ අගමැති නිකොලා ස්ටර්ජන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "එක්සත් රාජධානිය පුරා සිද්ධීන් ඉහළ යන බවක් වාර්තා වී තිබෙනවා. මෙය ඉතා සුපරීක්ෂාකාරීව හා සියලු සෞඛ්යාරක්ෂිත කරුණුවලට අනුකූල වීමේ අවශ්‍යතාව නැවත වරක් අපට මතක් කර දෙනවා." යනුවෙනි.