ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, එක්සත් රාජධානිය දැනට පුද්ගලයන් 100,000කට වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ගෝලීය රටවල් ලැයිස්තුවේ මුලටම පැමිණ තිබේ.
පසුගිය බදාදා දිනයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ලෙස මරණ 1,820ක් වාර්තා වූ අතර, පසුගිය දින හත තුළ දෛනික නව මරණ 1,200ක් ඉක්මවා වාර්තා විය.
වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එක්සත් රාජධානියේ සමස්ත මරණ 97,517ක් වාර්තා වී ඇති අතර, ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති එක්සත් ජනපදයෙන් මරණ 417,337ක් වාර්තා වී තිබේ.
ඒ අනුව, පුද්ගලයන් 100,000කට ඒක පුද්ගල මරණ වැඩිම සංඛ්‍යාවක් ඇති රටවල් වන්නේ,
එක්සත් රාජධානිය - 142.53
චෙක් ජනරජය - 140.91
ඉතාලිය - 139.34
එක්සත් ජනපදය - 125.35
ස්පාඤ්ඤය - 117.80