ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 22ක කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යමින් පවතින බව රොයිටර් පුවත් සේවය සිදුකළ විශ්ලේෂණයක් පෙන්වා දෙයි.
එක්සත් ජනපදය කම්කරු දින නිවාඩු දිනය සැමරීමත්, ගිම්හානයේ අවසානය සනිටුහන් කිරීම සඳහා ඥාතීන් සහ මිතුරන් එකට එකතු වන දිගු සති අන්තයක් යෙදී තිබීමත් සමග මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවද පෙන්වා දෙයි.
රොයිටර් විශ්ලේෂණයට අනුව, මීට සති තුනකට පෙර තත්ත්වය සැලකීමේදී ආසාදිතයන් වැඩිවෙමින් තිබුණේ හවායි, ඉලිනොයිස් සහ දකුණු ඩැකෝටා යන ප්‍රාන්ත තුනේ පමණි.
කෙසේ වෙතත් මේ වනවිට ආසාදිතයන් වැඩිවෙමින් පවතින ප්‍රාන්ත 22න් බොහොමයක් මධ්‍යම හා දකුණේ ජනගහනය තරමක් අඩු ප්‍රාන්ත ලෙසද සැලකෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (07දා) උදෑසන වනවිට 6,275,386ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 188,910කි.