ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සඳුදා යාවත්කාලීන කිරීමකට අනුව, නොවැම්බර් 19 වැනිදාන් අවසන් සතිය තුළ ළමයින් අතර නව කොවිඩ්-19 ආසාදිතයන් 144,000කට වඩා වාර්තා වී තිබේ.
එක්සත් ජනපදයේ තහවුරු කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 11%කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් ළමයින් බව කියැවේ. සති දෙකක් තුළ කොවිඩ් -19 ආසාදිත ළමයින්ගේ 28%ක වැඩිවීමක් දක්නට ලැබේ.
එහිදී නොවැ. 5 සිට 19 දක්වා ළමයින් අතර නව ආසාදිතයන් 144,145ක් වාර්තා වී ඇති බව පවසයි. ළමා රෝග විශේෂඥයන් පවසන්නේ නොවැම්බර් 19 වනවිට එක්සත් ජනපදයේ ළමයින් මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බවය.
කෙසේ වෙතත් කොවිඩ් -19 හි දරුණු රෝගාබාධ හා මරණය තවමත් ළමයින් අතර දුර්ලභය. නොවැම්බර් 19 වනවිට, මුළු රෝහල් ගතවීම්වලින් 1.2% ත් 3.1% ත් අතර ප්‍රමාණයක් ළමයින් නියෝජනය කරයි. කොවිඩ්-19 සහිත සියලුම දරුවන්ගෙන් 0.14%කටත් වඩා අඩු සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, එරට ප්‍රාන්ත 17ක ළමා මරණ කිසිවක් වාර්තා කර නැත.