එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද (01දා) උදෑසන වනවිට 6,028,617ක් ලෙස වාර්තා වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 183,579ක් වෛරසය ආසාදිතව මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්ත පෙන්වා දෙයි.
එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස රෝගය පිළිබඳ පළමු සිද්ධිය ජනවාරි 21දා එම විශ්වවිද්‍යාල දත්ත විසින් වාර්තා කරන ලදී. ඒ අනුව අද වනවිට මිලියන 6කට වැඩි ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය තුළ මේ දක්වා ආසාදන වර්ධනය වූ ආකාරය මෙසේය.
අපේ‍්‍රල් 28දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට පැමිණීමට දින 99ක් ගත විය.
ජුනි 10දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2ක් කරා ළඟාවීමට තවත් දින 43ක් ගත විය.
ජූලි 8දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා යාමට තවත් දින 28ක් ගත විය.
ජූලි 23දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4ක් ඉක්මවා යාමට ගත වූයේ තවත් දින 15ක් පමණි.
අගෝස්තු 09දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5කට වඩා වැඩි වීමට දින 17ක් ගත විය.
එතැන් සිට අගෝස්තු 31දා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6ක් කරා ළඟාවීමට තවත් 22ක් ගතවී ඇත.