මේ දිනවල ඇතැම් පිරිස් අමුතු විදිහට අධිකරණයට අපහස කිරිමට පටන්ගෙන ඇති බවත් පසුගියදා පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි විමල් වීරවංශ මන්ත්‍රී වරයා පාර්ලිමේන්තු තුළ තමන්ගේ වරප්‍රසාදය පාවිච්චි කරමින් ඇමරිකානු ආගම්වාදය පතුරවන අය තමයි අද අධිකරණ මෙහෙයවන්නේ යැයි කියු බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. .
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (12) දා බලන්ගොඩ රංදොල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණි. එම ජල ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ආධාර යටතේ රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය අනුහතකි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය ,
මම විමල් වීරවංශ හිතවත් මන්ත්‍රීවරයාට මම කිව්වා කරුණාකර නම් කරන්න කියලා. එහෙම කරන අය. මොකද මේ හදිසියේ කියල තියෙන්නෙ බැලින්නම් ඊයේ නඩුවක් තිබිලා.නඩුවෙන් ලක්ෂ සියයක් ගෙවන්න වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා දාපු නඩුවකට තීන්දුව දෙන්න තිබිලා.මේකට බොරු කතා හදල හරියයිද.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියට තිබෙනවා ස්වාමීන්වහන්සේලාට ජන්දයට ඉදිරිපත් විමේ අයිතිය අපේ පක්ෂය තුළ නැහැ. මොකද නාමයෝජනා දෙන්නෙ නැහැ. අපි බෞද්ධයන් විදිහට ස්වාමීන්වහන්සේලාගේ චිවරයට ගරු කරන්නෙ ඉතාමත් උසස් තැනක තියලා.