මහනුවර මොහොමඩ් ආසික්
එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ ප්රිතිපත්තිමය හේතුවක් නිසා නොව නායකත්වය පොරයක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රිලක් අපේක්ෂක කණ්ඩායමේ නායක කේ.ඩී.ලාල්කාන්ත කීය.
මෙම අදහස් ප්රකාශ කළේ අකුරණ ප්රදේශයේදී පැවැති පාක්ෂික හමුවක් අමතමිනි.
මෙහිදී තව දුරටත අදහස් දැක්වූ ඒ මහතා
බොහෝ පක්ෂ කැඩෙන්නේ බිඳෙන්නේ වෙන් වෙන්නේ ප්රෝතිපත්තිමය හේතුන් මතයි නමුත් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනේ නායකත්ව පොරයක් නිසයි. ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත් හැංගුණා. ඡන්ද ලක්ෂ 56 ක් 57 ක් ලැබුණනේ.පැරදුනාට පස්සේ ජනතාව ඉදිරියට ඇවිල්ල කියන්න තිබුණනේ අපි පැරදුනා නමුත් මහ මැතිවරණයේදී අපේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට එනවා කියලා. නමුත් එහෙම කළේ නෑ. සති දෙකක් ම හැංගුණා. ඡන්දය ඉල්ලපු කෙනා පාක්ෂිකයින්ට නායකත්වයක් දුන්නේ නෑ.
මොනව වුනත් 2015 මහින්ද රාජපක්ෂ මහතා පැරදුනාට පස්සේ ඒ අයගේ සාමාජිකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්න දුන්නේ නෑ . නුගේගොඩ රැළියක් තියල කිව්වා මහින්ද සමඟ පෙරට කියලා. හැමදාම කිව්වා මේ ආණ්ඩුව දවසින් වට්ටනවා දෙකෙන් වට්ටවා කියලා. එහෙම කියලා ඔවුන් තමන්ගේ පාක්ෂිකයින්ගේ බලාපොරාත්තු ආරක්ෂා කළා. ඔවුන් ධෛර්යමත් කළා .
සජිත් මොකද කළේ හැංගුණා. එක්සත් ජාතික පක්ෂයේ අභ්ය්න්තරයේ ගැටුමක් නිසා උඩින් දෙකට බෙදුනා. එක්සත් ජාතික පක්ෂය උඩින් දෙකට බෙදන කොට බිමින් බෙදිල තියෙනවා හතරකට. එක ගොඩක් අලියා. තව ගොඩක් දුරකථනය. තව ගොඩක් ඡන්දය දාන්න යන්නේ නෑ. තව කණ්ඩායමක් කියනවා අපි මේ පාර මාලිමාවට ගහනව කියලා. කලින් අලියට ගැහුවා දැන් මාලිමාවට ගහනව කියලා කියනවා.ඒ ගොල්ල දන්නවා මේ පාර ගෝඨාභයල දිනනවා කියන එක. එජාපයට ආණ්ඩුවක් පිහිටවන්න බෑ. ඒක ඒගොල්ල දන්නවා.මේ පාර එජාපයට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙන යූඑන්පී පාක්ෂිකයෙක් හොයා ගන්න පුළුවන්ද බලන්න.මේ බෙදීමයි මේ කැඩීමයි විසින් ඔවුන්ගේ ඔළුවලට ගිහින් තියෙනවා මේ පාර ආණ්ඩුව නම් හදා ගන්න බෑ කියන එක. ඒකේ අනික් පැත්ත කියන්නේ ගෝඨාභයල ආණ්ඩුවක් හදනව කියන එකයි. ඇත්ත කතාව ඒක. ඒත් ඔය තුනෙන් දෙකේ ඒවා එන්නේ නෑ.113 ගන්නත් බෑ.100 ක් 102ක් 103 ක් වගේ ගාණක් ගනී.කොහොම හරි වැඩි පංගුව ගනී. එක්සත් ජාතික පාක්ෂිකයින්ට දැන් ඔළුවට ගිහින් තියෙන්නේ මොකද්ද අපට දිනන්න බෑ කියන එක. අපට නම් මහනුවරින් මන්ත්රීනකම් දෙකක් ගත්තොත් අපි දිනුම්.හැබැයි එක්සත් ජාතික පාක්ෂිකයාට එහෙම දිනන්න බෑ.ඒ ගොල්ල දිනන්නේ ආණ්ඩුව ගත්තොත්. බුද්ධිමත්පාක්ෂිකයා හිතනවා ආණ්ඩුවක් හදන්න බැරි නම් ඊළඟට ශක්තිමත් විපක්ෂයක් හදා ගන්න ඕන කියලා හිතනවා. මේ ශක්තිමත් විපක්ෂය හදා ගන්න සජිත් එක්කත් රනිල් එක්කත් බැරි නිසා එක්සත් ජාතික පාක්ෂිකයා හිතනවා අපි මේ පාර ගහනවා මාලිමාට කියලා. එජාප පාක්ෂිකයා මාලිමාවට කතිරය ගහන්න මාරු වෙලා තියෙන්නේ ඔන්න ඔතැනින්. සමහරු කියනවා රනිල්ගේ යූ එන්පීය මහින්දගේ ශාඛවක්.බැසිල්ගේ ශාඛව සජිත්ගේ යූ එන්පී ය කියලා. අතපය බැඳගෙන ශක්තිමත් විපක්ෂයක් කරන්න බෑ. රාජපක්ෂලාට එරෙහි පාක්ෂිකයින්ට නායකත්වය දෙන්න මේ දෙන්නටම බෑ. මොකද දෙන්නගෙම අතපය ඒ ගොල්ල බැඳල තියෙන්නේ. සජිත්ට දූෂණ චෝදනාවක් එයාගේ අමාත්යාං ශයේ තියෙනවා රනිල්ට තියෙනවා. ඒ නිසා ඒ ගොල්ලන්ට කටවල් අරින්න පුළුවන් වෙන්නේ රාජපක්ෂලා බලපත්ර ය දෙන ප්ර්මාණයට විතරයි.අවසර ලැබෙන ප්රරමාණයට විතරයි.එහෙම කණ්ඩායමකට පුළුවන්ද ආණ්ඩුවකට විරුද්ධව ජනතා අරගලයක් කරන්න.එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් ඉන්නවා. නුවරත් විශාල පිරිසක් ඉන්නවා. හකීම් ඇයි නුවරින් ඡන්දය ඉල්ලන්නේ. මෙහේ මුස්ලිම් කෝන්ග්රාසයෙන් ඉල්ලා දින්නන බෑ මෙහේ ඉන්නේ අලියට කතිරය ගහල පුරුදු මුස්ලිම් සමාජයක්. ඒ නිසා මුස්ලිම් කෝන්ග්රහසයෙන් ඉල්ලලා මෙහේ දිනන්න බෑ. මෙහේ ඉන්නේ අලියට කතිරය ගහන මුස්ලිම් සමාජයක් නිසා ඒකෙන් ඉල්ලනවා.අපේ අතපය බඳින්න රාජපක්ෂ කල්ලියට පුළුවන් වෙලා නෑ.අතපය බඳින්න අපේ කිසිම දෙයක් නෑ. අපේ නායකයාගේ අතපය නිදහස් අපට ගේම ඉල්ලන්න පුළුවන්. අපි ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයෝ සියලු දෙනාම එහෙමයි. අපේ අතපය බඳින්න ඒ ගොල්ලන්ට බෑ. අපේ කටවල් වහන්න්ත් ඒ ගොල්ලන්ට බෑ. එහෙම ව්යාටපාරයකට විතරයි ආණ්ඩුවක් ජනතාවට එරෙහිවවැඩ කරන කොට ජනතවට නායකත්වය දෙන්න පුළුවන් වෙන්නේ. අතපය බැඳල ඉන්න කට්ටියට ඒක කරන්න බෑ. මේක තේරෙන එක්සත් ජාතික පාක්ෂිකයා කල්පනා කරනවා අපි මේ පාර මාලිමාවට ගහනව කියලා.අපේ පක්ෂය හැමදාම පීඩාවට පත්වන පුද්ගලයාසමඟ ඉන්නවා.අයුක්තියට පත්වන මිනිහා කවුද අපි ඉන්නේ එයත් එක්ක.එයා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද කියන කතාවක් අපට අදාළ නෑ. එයා ශ්රීර ලාංකිකයෙක්. ජනතා විමුක්ති පෙරමුණ සහ මේ ජාතික ජන බලවේගය ගොඩ නගල තියෙන්නේමඅයුක්තිය අසාධාරණයට එරෙහිව යුක්තිය සාධාරණය වෙනුවෙන්.යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් මැදිහත් වීම තමයි ඕන. ඒක නොවනවානම් වැඩක් නෑ. ජනතාවවෙනුවෙන් අපි පාරේ සටන් කරන්න ඕනවුනොත් පාරේ සටන් කරනවා ඇතුලේ සටන් කරන්න ඕන වුනොත් ඇතුලේ සටන් කරනවා.එක්සත් ජාතික පක්ෂය ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණයක් කරපු දවසක් තියෙනවද? කොච්චර සාමාජිකත්වයක් තියෙනද නගර සභා ප්රානදේශිය සභා කීයක බලය තියෙනවද? මන්ත්රීවරු කොච්චර ඉන්නවද? සල්ලි කොච්චර තියෙනවද? මහජනතාව වෙනුවෙන් අඩුම තරමින් පෝස්ටරයක්වත් ගහල තියෙනවද? නෑ යැයිද ලාල් කාන්ත මහතා මෙහිදී කිය.