හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
බලංගොඩ , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇති අතර ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මෙම බස්රථයේ ගමන්කළ ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 අසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරික්ෂාව සිදුකර තිබේ .
මේ අනුව එම සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් . පරීක්ෂණට ලක්කල බවත් ඉන් 18 දෙනෙක් ආසාදිතයන් බව හදුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය .
ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන තිබේ .
පාලිත ආරියවංශ