මාස හතක දැරියකට, අවුරුදු 4ක දැරියකට, සහ එකම පවුලේ සාමාජිකයින් හත් දෙනකුට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසංක සම්පත් මහතා අද (20) පැවසීය.
හරංකහව මාස 4ක දැරියකට කොස්ලන්ද ඌව මාවෙලගම අවුරුදු 4ක දැරියකට සහ බත්ගොඩ කළුපහන වත්ත එකම පවුලේ සාමාජිකයින් හත් දෙනෙකුට මෙසේ කොරෝනා ආසාදිත වී ඇති බව අසංක සම්පත් මහතා පැවසීය.
එම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුලත් කිරීමටත් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායන කිරීමටත් පියවර ගෙන තිබේ.
සමන් පාලිත