ඌව , වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් සිවුදෙනෙකුට මානසික පීඩාවට පත්වන අයුරින් නවක වදය දී පහරදී තුවාල සිදු කළේ යැයි චෝදනා ලැබූ එම විදුහලේම තෙවන වසරේ සිසුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද ( 13) දා නියෝග කළේය .
2020-0 2-05 දින යළි නඩුව කැඳවන අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටද සැකකරුවන්ට නියෝග කළේය .
ඉකුත් 10 වනදා මෙම සැකකාර සිසුන් 10 දෙනා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන (12) දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතාගේ නියෝගය මත අද (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ .
1998 නවක වද පනත යටතේ නඩුපවරන බව පොලීසිය මුලදී අධිකරණයට දැනුම් දුන් නමුත් එම පනතේ දෙකේ දෙක වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ .
පොලීසිය අද දින එම තර්කය පිළිගෙන පොලිසිය එම පනතේ 3 වගන්ති සහ ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 314 වගන්තියෙන් මේ නඩුව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව අධිකරණයට සැළකර සිටියේය .
මේ තත්ත්වය මත ඇප දීම සදහා මහේස්ත්‍රාත් අධිකරණයට ඇති බලය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් 10 දෙනාම මුදාහැරියේය .
සුජිවන සිල්වා ,හේමින්ද දයාවංශ ,දිමුතු ප්‍රේමරත්න,චම්පිකා ජයවර්ධන යන නීතිවේදිහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඇප අයැදුම ඉදිරිපත් කළහ .
බදුල්ලේ - පාලිත ආරියවංශ