ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී දිවි ඇති තෙක් සිර දඬුවම් විදිමින් සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිය් වෙත ජනපති සමාව හිමිව තිබේ.
ඒ අනුව සිටය තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත දන්වා යවා ඇති බවත් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා විසින් ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ මොහාන් සමරනායක මහතා පැවැසීය.
2010 ජනාධිපතිවරණ සමයේදී මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ සඟවා තිබියදී ටී.56 ගිනි අවි දෙකක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. ඒ අනුව ගිනි අවි සන්තකයේ තබා ගැනීම මත එම විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව පසුගිය ජුනි මාසයේදි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
බුද්ධිමාල් රුබේරු/නිදර්ශනී වික්‍රමසිංහ