මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ නවගමුවේ පදිංචි මෙලන් මාඹුල නොහොත් උරු ජුවා නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
සැකකරු ඊයේ නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන ඔහුව සඳහා නවගමුව වඳුරාමුල්ල ප්‍ර දේශයට රැගෙන ගොස් තිබේ.
එහිදී ඇතිවූ සිද්ධියකදි සැකකරු තුවාල ලබා නවගමුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබේ. මෘත ශරීරය නවගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
එම සිද්ධියෙදී පොලිසීය විසින් වෙඩි තබා බලය භාවිත කර ඇති බවත් නවගමු පොලීසිය පරික්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.