දේශ සීමා නීති උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකීය මුහුදට පිවිසීම හේතුවෙන් පසුගිය 15 දින කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත් දෙනා දින 14 ක නිරෝධායනයකින් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බැව් පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව කල්පිටිය විජය නාවුක හමුදා හාරයේ,කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධිෂණයෙන් මෙම නිරෝධායනය සිදු කෙරෙන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දීය ධීවරයින්ගේ දැල් ආම්පන්න සහ බහුදින යාත්‍රාව ද නාවුක හමුදා භාරයේ පවතියි.
කල්පිටිය කුමාරී කොට්ටහච්චි