ඔක්තෝබර් 12 දා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයත්, ඔක්තෝබර් 11 දා ආරම්භවීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයත් සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
කෙසේ වෙතත් එම විභාග පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය පසුබිම මේ වන විටත් සකසා ඇති බවත් ඔහු සඳහන් කළේය. එම දිනවලට විභාගය පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවත් ඔහු පැවැසීය.
මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරික්ෂණ ප්‍රතිඵල හෙට ලැබීමට නියමිත අතර ඉන් අනතුරුව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.