සියළුම පළාත්වල පදිංචි කරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබා ගැනීමේ සේවාව හෙට (17දා) සිට ආරම්භ වෙයි.
මේ සඳහා නව කවුළු දෙකක් විවෘත වන අතර 1960-2012 දක්වා සියලු සහතික මේ හරහා ලබාගැනීමට අවස්ථාව තිබේ.
දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් 183ක පමණක් මෙවැනි සේවාවක් කලින් පැවති අතර එය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ඊට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධ්‍යම ලේඛනාගාරයේ ද මෙම කඩිනම් සේවාව ආරම්භ කරයි.