විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් 7 අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා පානය සඳහා යොදාගත් නවීන උපකරණ දෙකක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14,කෙරෙන ගංජා ග්‍රෑම් 20, රාත්‍රි සමාජ ශාලා සඳහා බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින්
ටැබ්ලට් යනුවෙන් හඳුන්වන පෙති 7 ,පුරුෂ ශක්තිය උද්දීපනය කරන පෙති 20, අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක් , ජංගම දුරකථන 6 ,ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 64000, මුදලක් හා ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වස්කඩුව දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන නිවාඩු නිකේතනයක කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක ව නවීන පන්නයේ උපකරණ භාවිතා කරමින් මත්ද්‍රව්‍ය පානයට ද පහසුකම් සලසන බව කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් උනිලධාරියකු පැවැසීය .
විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ වලට අයිස් මත්ද්‍රව්‍ය හෝ කේරල ගංජා ඇතුළු කර රසායනික ද්‍රව්‍ය යොදා එම උපකරණ ගල්අඟුරු හා වතුරින් පණගන්වා ඊට සවි කර තිබෙන නළ මාර්ගයෙන් එයින් පිටවන දුම ආඝ්‍රාණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වැටලීම සිදුකළ සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
කොරෝනා වසංගත තත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීම හේතුවෙන් මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා පැවසීය
මෙම ස්ථානයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මේ අයුරින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පහසුකම් සැලසීම සඳහා , රුපියල් 3500ක් ද,දේශීය පුද්ගලයකුගෙන් රු.1500 අයකර ඇති බව සිදු කළ විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියා පැවසීය.
කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් උපක්රමශීලීව මත්ද්‍රව්‍ය පානයට හුරු කර එය වර්ධනය කරගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙම ස්ථානයේ වැටලීමේදී තහවුරු වූ බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය
වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිදු කාන්තාවක් එහි නොසිටි බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි
ඔවුන් සියලු දෙනාම වස්කඩුව සහ අවට පදිංචිකරුවන් බව පොලිසිය කියයි
සැකකරුවන් (8) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ශ්‍යාමන් ජයසිංහ