අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදුන් විශ්වාසභංගය ජුලි 20 දා හා 22 දා අතර දිනයකදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවෙයි.
ඉන්ධන මිල වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සමගි ජනබලවේගය විසින් මෙම විශ්වාසභංගය සකස් කර තිබේ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ පළමු විශ්වාසභංගය මෙය වෙයි.