බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අනුව අද (16දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී එම විශ්වාසභංගයට අත්සන් කිරීම ආරම්භ කළ බව ‘අද’ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවැසීය.
මෙලෙස විශ්වාසභංගය අත්සන් කිරීමෙන් අනතුරුව එය කඩිනමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලබා දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.