ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මරණයට පත්වීම මූලික කරගනිමින් රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ නිමා කිරීම සඳහා තමන් යුද හමුදාව කැඳවන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (02දා) අනතුරු අඟවා තිබේ.
"නීතිය හා සාමය පිළිබඳ ඔබේ ජනාධිපතිවරයා මමයි. මේ උද්ඝෝෂණ රැල්ල නිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අපේ දුගී ප්‍රජාවන් අතර සිටින සාමයට ලැදි ජනතාවයි. ඒ නිසා ඔබව ආරක්ෂා කරගැනීමට මා සටන් කරනවා. ඒ නිසා යම් ලෙසකින් ඇමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් මෙම තත්ත්වය පාලනය කරගැනීමට අපොහොසත්ව, ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂා කරගැනීමට අසාර්ථක වුවහොත් ඔවුන් වෙනුවෙන් ගැටලුව ක්ෂණයකින් විසඳීම සඳහා මා යුද හමුදාව අනුයුක්ත කරනවා" ට්‍රම්ප් පැවසීය.
අනතුරුව අසල දේවස්ථානය වෙත පා ගමනින් ගියේ දැඩි රැකවල් මධ්‍යයේය. එම අවස්ථාවට ඔහුගේ සමීප සගයන් කිහිප දෙනෙකු සහභාගී වී සිටි අතර, ධවල මන්දිරයෙන් පිටත විශාල ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් දැකිය හැකි විය.
මේ අතර, ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක උද්ඝෝෂණ තවදුරටත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඉසිලූ අතර, විරෝධතාකරුවන් පොලීසිය වෙත විවෘතව වෙඩි තැබීම මෙන්ම ගල්මුල්වලින් පහරදෙන දර්ශන දැකිය හැකි විය. එහිදී පොලීසියද විරෝධතාකරුවන් විසුරුවාලීමට වැඩි බලයක් යොදමින් කටයුතු කළේ, පවතින ඇඳිරි නීති තත්ත්වයද නොසලකූ විරෝධතාකරුවන් නිසාය. මේ අතර ප්‍රාන්ත රැසක විරෝධතා අතරතුර කොල්ලකෑම් සිද්ධීන් වාර්තා වූ අතර, ඉතා කුඩා වෙළෙඳ සැල්වල සිට විශාල පරිමාණ සාප්පු සංකීර්ණ පවා කොල්ලකෑමට ලක්ව තිබුණේ සමස්ත ඇමෙරිකාවම අරාජික තත්ත්වයකට පත්කරමිනි.
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd