අනවශ්‍ය මහජන ඒකරාශී වීම් හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිර්දේශ පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අවදානම් තත්ත්වය සලකා මෙම තීරණය ගත් බවයි.
බොහෝ පිරිස් තම ඉල්ලිම් පදනම් කර ගනිමින් විවිධ වු මහජන ඒකාරාශි විම් සිදු කරන අයුරු දක්නට ලැබෙන බවත් නමුත් මෙම පවතින තත්ත්වය මත ඒසේ සිදු කිරිම සුදුසු නොවන බැවින් තමන් මෙම තිරණය ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.