එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
උත්සව සමයේ ජීවන වියදම පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපති මෙම උපදෙස් ලබා දුන්නේ ය.
වෙළෙඳපොළ තුළ අසාධරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළඳපොළ මිල පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා , වෙළෙඳපොළ මිල දර්ශක පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.
එමෙන්ම එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
වෙළෙඳපොළ තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගියා වෙත ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.