මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
විශේෂයෙන් දුම්රිය ,බස්රථ, ආදි පොදු ප්‍රවාහන සේවාවලදි මෙන්ම බහලුව මහජනයා ගැවසෙන ස්ථානවලදි ස්වර්ණාභරණ කොල්ලකෑම් ,අත්බෑග සොරා ගැනිම, මුදල්, පසුම්බ් පැහැර ගැනිම වැනි නිරන්තරව වාර්තාවන අපරාධවලින් ආරක්ෂා විමට විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලීසිය විසින් ජනතාවට දැනුම් දි තිබේ.