දේශපාලන අර්බුදයක් රටතුළ ඇතිවී තිබුණත් උත්සව සමය මූලික කරගෙන රටට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ඇතැයි සමස්ත ලංකා තොග සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා භාණ්ඩ හිඟයක් ඇති වීමට පෙර භාණ්ඩ හිඟයක් ඇති බව සඳහන් කරමින් භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවිය නොහැකි බවද එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා සඳහන් කළේය.
උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන නිසා එයට සරිලන ලෙස රටපුරා තොග බෙදාහැරීම සිදුකරමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.
ජනතාවගේ මිලදීගැනීමේ ශක්තිය අඩුවීම නිසා ගෙවීගිය මාස කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය 30%කට වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබූ බවද ඒ මහතා සඳහන් කළේය. එහෙත් උත්සව ආරම්භ වීමත් සමග භාණ්ඩ අලෙවිය ඉහළ යමින් තිබෙන බවත්, ඉල්ලුමට සරිලන ලෙස රට තුළට භාණ්ඩ ගෙන්වා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව භාණ්ඩ මිල ඉහළ යෑමක්ද මෙවර සිදු නොවන බවත්, මේ නිසා ජනතාවට සාමාන්‍ය මිලට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙන බවත් බන්දුල ජයමාන්න මහතා කියා සිටියේය.