උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ යටතේ තිබූ ඉඩම් අක්කර 1363ක් යළි පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් නිදහස් කර තිබේ.
ඒ අනුව යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ති‍්‍රක්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264 ක් හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපොළවල් 04 කට අයත් ඉඩම් අක්කර 1099ක් මෙසේ නිදහස් කර තිබේ.
ඒ සඳමා අදාළ ලියවිලි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාර දී තිබේ.
ජනපතිවරයා එම ලිපි ලේඛන දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත භාර දී ඇත.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද (21දා) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අතර තුළදී මෙය සිදුවිය.