උතුරු පළාත් හිටපු අමාත්‍ය බී. ඩැනිෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම වෙනුවෙන් ලබා දී ඇති අභියාචනාධිකරණ තීන්දුවත් සමගින ඔහුගේ අමාත්‍යධූරය සක්‍රීය කිරීමත් සමග අද වන විට උතුරු පළාත් සභාවට අමාත්‍යවරු 6 දෙනෙකු සිටින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේදී පැවසීය.
රෙජිනෝල්ඩ් කුරේ මහතා එසේ පැවසුවේ යාපනය උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.
එහිදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ,
“අද වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට රැස් වී පළාත් සභාවේ පරිපාලනයට අදාළ නීති රීති ප්‍රතිපත්ති සැකසීමට පුළුවන් කමක් නැහැ. එයට හේතු වී තිබෙන්නේ අභියාචනාවනාධිකරණය විසින් ඩැනිෂ්වරන් මහතාට සිය අමාත්‍යාංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසන ලෙස දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමයි.
මේ සඳහා ගත යුතු හොඳම සහ පැහැදිලිම විසඳුම පළාත් සභාවේ සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වී නව අමාත්‍යවරු මා වෙත නම් කර දිවුරුම් දීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතක ප්‍රධාන අමාත්‍යවරයා විසින් තමයි අමාත්‍යවරු නම් කළ යුත්තේත්, පත් කළ යුත්තේත්.
කිසිම අමාත්‍යවරයෙකු පත් කිරීම හෝ ඉවත් කිරීම සඳහා මා වෙත ප්‍රතිපාදන නැහැ. ඒ අනුව ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම ගැටලුවට විසඳුම් කඩිනමින් මා වෙත ඉදිරිපත් කළ යුතුයි.”