රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මේ අතර ඊයේ (27) දින වන්නි යුද හමුදා බුද්ධි අංශ වෙතට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා නගරයේ සියලුම ස්ථාන හා පුද්ගලයින් සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර එහිදී වව්නියාව නගරයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු ප්රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම යාපනය දිස්ත්රීක්කයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදීද සැකකටයුතු පුද්ගලයින් 7දෙනෙකු ප්රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඉන් 6දෙනෙකු මුදා හැර ඇති අතර එක් සැකකරුවෙකු රිමාණ්ඩ් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම කිලිනොච්චිය දිස්ත්රීක්කයේද යුද හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.
මේ අතර උතුරු පළාතට ඇතුල් වන හා උතුරෙන් පිටවන සියලුම වාහන පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන අතර ඒ සඳහා යුද හමුදාව, නිවාක හමුදාව හා පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී හදීසි සෝදිසි මුර පොළවල් යෙදීමට පියවර ගෙන ඇත.