උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1,923ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනිමේදි සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා දි තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කොට ඇත.
නැවත සම්මුඛ පරික්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇති අතර විනිවිදභාවය ආරක්ෂා විම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇති අතර සෑම කණ්ඩායමකටම නිලධාරින් 3 දෙනෙකු සිටින අතර ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගි වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු නිරීක්ෂකයන් ලෙස සහභාගි වේ. ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවා ඇත.
එමෙන්ම මෙම රැකියා වලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක්ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක්ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත.