රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පළාතෙන් ඉල්ලන ලද අපේක්ෂකයින්ගෙන් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.
ප්‍රතික්ෂේප වූ පිරිස්හි යාපනය දිස්ත්‍රීක්කයේ වැඩිම පිරිසක් සිටින අතර එම ප්‍රමාණය 1500 කට අධික හෙයින් තමන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් ඊයේ (24) සවස යාපනයේ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කරන ලදි.
අදාල අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප වීමට හේතු සාධක හා එයට විසඳුම් ඉදිරිපත් කරමින් අභියාචනයක් ඊයේ දින විරෝධතාවයේ නිරත වූවන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට භාර දීමට පයවර ගන්නා ලදි.
උතුරු පළාතෙන් වැඩිම පිරිසක් ඉල්ලුම් කර ඇත්තේද යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර යුද්ධය ඇතුලු විවිධ හේතුන් මත අධ්‍යාපනය ලැබූ උතුරේ උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටද මෙහෙදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.