කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් හදිසියේ වසාදැමු පාසල් නැවත විවෘත කිරීම සිදු කෙරුණත් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල (උතුරු මැද පළාත) රජයේ පාසල් 14ක් අද (23) දින විවෘත කිරිමට නොහැකිවු බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසීය.
කොවිඩ් 19 වෛසර නිසා බලපෑමක් නොමැති ප්‍රදේශවල පාසල් විවෘත කෙරුණු අතර උතුරුමැද පළාතේ පාසල්වල හය ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සදහා පාසල් යලි විවෘත කරනු ලැබුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුවය.ඒ අනුව විශාල සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පාසල්වල සිසු නාම ලේඛණයේ එකේ සිට 23 දක්වා නම් ඇති සිසුන්ට මෙම සතියේ අධ්‍යාපන කටයුතු වලට අද (23දා) සහභාගිවීමට හැකි වූහ.
පාසල් ආරම්භ කෙරුණත් අනුරාධපුර අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ පාසල් පැමිණිම සියයට 5 සිට15 දක්වා අඩුවි තිබු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. ආරම්භ කල පාසල් අවට කොරෝනා රෝගය වැළදුණ සහ ආශ්‍රිතයන් සිටිමේ හේතුවෙන් දෙමාපියන් විසින් දරුවන් පාසල් වෙත එවිම ප්‍රතික්ෂේප කර තිබුණු බවට වාර්තා වූයේ යැයි අධ්‍යාපන අධ්‍යක්ෂිකාව පැවසුවාය.
අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි අනුරාධපුර මහබුලංකුම පොතානේගම තම්මැන්නාපුර ශ්‍රාවස්තිපුර අලුත්වැව කුමාර විද්‍යාලය කැකිරාව ගනේවල්පොල බමුණුගම විද්‍යාල්‍ය ශ්‍රාවස්තිපුර රත්මලේ තිස්ස යන විද්‍යාල හත මෙසේ වසාදමා තිබුණි. අනුරාධපුර බුලංකුලම විද්‍යාලය අවට ගම්මානයේ කොවිඩ් රෝගින් සිටිම හා ගම්මානය නිරෝධායනය කිරීම නිසා පාසල තවදුරටත් තාවකාලිකව වසා තිබුණි.
තම්මැන්නාපුර විද්‍යාලයේ විදුහල්පතිවරයා නිරෝධායනයට ලක්විම නිසා විදුහල තාවකාලිකව තවදුරටත් වසාදමා තිබු අතර අළුත්වැව කුමාර විද්‍යාලයේ හා ගනේවල්පොල බමුණුගම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු කොවිඩ් රෝගය වැලදුනු අයවීම නිසා පාසල් දෙක වසා තාවකාලිකව වසා තිබුණි.
අනුරාධපුර පොතානේගම විද්‍යාලය විවෘත කලත් දෙමාපියන් දරුවන් අනාරක්ෂිත බව කියමින් නැවත නිවෙස්වලට රැගෙන යාම නිසා පාසල තාවකාලිකව වසා දමා තිබුණි. රත්මලේ තිස්ස මහා විද්‍යාලය ආසන්නයේ නිරෝධායනය වන පවුල් සිටිම නිසා එම පාසලත් තාවකාලිකව වසාදමා තිබුණි.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය කියා සිටියේ සෞඛ්‍ය හේතුන් මත සෞඛ්‍ය බලධාරින් ලබාදුන් උපදෙස් මත උතුරු මැද පළාතේ පාසල් 14 ක් තාවකාලිකව වසා දැමු බවයි. අනුරාධපුර හා පොළොන්නරුව පාසල් හත බැගින් වසා තිබු අතර සෙෘඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත එම පාසල් යළි විවෘත කිරිමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.