රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් උතුරු මැද පළාත තුළ පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
පැතිර යන කොරෝනා වෛරසය පාලනය සදහා උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති අද (7 ) සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස පළාත් ආණ්ඩුකාරතුමන් උපදෙස් ලබි දී ඇත.
ඒ අනුව උතුරු මැද පළාතට අයත් අනුරාධපුර හා පොලොන්නරුව යන ප්‍රධාන නගර හා පළාතට අයත්ස සෙසු නගර වල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.