උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා ළිං 12000ක් හා පානිය ජලය ලබාගැනීමට භාවිත කරන වැව් 2000ක් පමණ සිඳී ඇති බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව නියඟයට ඔරොත්තු දෙන පරිදි පොදු පානීය ළිං අලුති ඉදි කිරීම, සිඳී ඇති වගා ළිං හෑරීම, සිඳී ඇති වැව්වල ළිං හෑරීම හා පානිය ළිං ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
මෙම කටයුතු ප්‍රා දේශීය ලේකම්වරුන් හරහා ගොවි සංවිධානය මගින් සිදුකර ගැනීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන අමාත්‍ය දුමින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.