දේශීය ගොවියාගේ කෘෂිකර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් යුතුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද කෘෂිකාර්මික ප්‍රදර්ශනය මේ දින වල යාපනයේදී පැවැත්වෙයි.
යාපනය ඩී.ඒ.ටී.සී. පරිශ්‍රයේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කෘෂිකාර්මික ප්‍රදර්ශනය ඊයේ (18) දින ආරම්භ කරමින් එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙෂ් රාඝවන් මහතා සහභාගි විය.
කෘෂිකාර්මික ප්‍රදර්ශනය වෙනුවෙන් පාසල ළමුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර දේශීය ගොවියා ආරක්ෂා කිරිම වෙනුවෙන් “දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ විෂ නොවන ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතභාවය කරා” යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණු අතර ඒ වෙනුවෙන් උතුරේ ගොවිතැන් කෙරෙන එළවළු පළතුරු ඇතුළු විවිධ ධාන්‍ය වර්ගයන් ප්‍රදර්ශනයට එක් කොට තිබුණි.
ආරම්භ අවස්ථාවට සහභාගි වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙෂ් රාඝවන් මහතා කියා සිටියේ,
‘පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරන අතර අපට සහල් ලැබෙන්නේ ගොවීන් මඩට බැස්සොත් පමණයි. ගොවීන්ගේ දහඩිය බින්දු නොමැති නම් අපට ආහාර ලැබෙන්නේ නෑ. අපේ ගොවීන්ට ජලය පිළිබඳ ප්රශ්නය සහ සහනාධාර වැනි විවිධ ගැටලු තියෙනවා. අප එය බැරේරුම් ලෙස සලකා බැලිය යුතුයි. දේශපාලන නිදහස, ආර්ථික නිදහස වගේම ආහාර නිදහස ද අපට තිබිය යුතුය. ආහාර නිදහස ඇති සමාජයකට අනෙකුත් ගැටලු සහගත කාරණා ගැන සිතීමට හා ක්‍රියා කිරීමට ශක්තිය ලැබෙනවා” යනුවෙනි.
අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතින් උතුරේ හොඳම ගොවීන් පිරිසකට සහතික පත් ප්රදානය කෙරුණු අතර කෘෂිකාර්මික ප්‍රදර්ශනය 20 වනදා දක්වා පැවැත්වේ.