උතුරු පළාතේ පාසල් වල පන්ති කාමර සිසුන් 35 කට සීමා විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට නියෝග කොට තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව එක් පන්තියකට සිසුන් 35 කට වඩා ඇතුළත් කර නොගන්නා ලෙස දන්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාතේ සියලු පාසල්හි කලාප අධ්‍යාපන අධ්යක්ෂකෙවරුන්ට හා විදුහල්පතිවරුන්ට නියෝගයක් නිකුත් කර ඇත.
2020 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට පාසල් විසින් සිදු කරනු ලබන බැවින් මින් පෙර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී උද්ගත වූ ගැටලු සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර තිබේ.