උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූල හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දි ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් ඊයේ (03) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ය.
විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ජනපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, සන්නද්ධ බලකායන් යටතේ පවත්නා, පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව හා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පානීය ජල ගැටලුව විසඳීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.