කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උතුරේ ධීවරයින්ට අද දිනයේදී මුහුදු යාමෙන් වලකින ලෙසට අනතුරු ඇගවීම හේතුවෙන් උතුරේ ඇතැම් ප්‍රදේශයන්හි ධීවරයින් අද දින මුහුදු යාමෙන් වැලකී සිටියහ.
දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් වර්ධනය වෙමින් පවතින හෙයින් එහි බලපෑම හේතුවෙන් උතුරු පළාතේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ වැසි සහ සුළං වේගයේ වැඩිවීමක් ඇති වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කොට ඇත.
එමෙන්ම මුලතිව් සිට කන්කසන්තුරෙයි හරහා මන්නාරම දක්වා වෙරලට ඔබ්බෙන් මුහුද රළු විය හැකි බැවින් ධීවර කටයුතු වල නිරත වීමෙන් වලකින ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට ඇත.
මධුශංඛ අමරසිංහ