කොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාගම රෝහලේ රෝහල් කමිටු සභාපති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා ජා-ඇල වැලිගම්පිටියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනවර්ධන ගුරුගේ මහතා පවසා සිටියේ වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පුහුණුවක් ලත් වෛද්‍ය, ,හෙද හා සුළු සේවක කාර්ය මණ්ඩලයක් විසින් කොරෝනා රෝගී පරික්ෂාව සදහා විශේෂ ඒකකයක් රාගම රෝහලේ මේ වනවිට ස්ථාපිත කර ඇති බවයි.
මේ සදහා වාට්ටු 02ක් ස්ථාපනය කර ඇති බවත් ඒ සදහා ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර ඒකකයද සම්බන්ධ කරගෙන තිබෙන බවත් ගුරුගේ මහතා පවැසීය.
ඒ අනුව රෝහලට පැමිණෙන රෝගීන් අතර කොරෝනා සැක සහිත රෝගීන් PCR පරීක්ෂාවට ලක් කරන බවත් ඔවුන් අතරින් රෝගය ආසාදන වුවන් නිරීක්ෂණය වුවහොත් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා IDH රෝහලට යොමු කරන බවත් ඒ මහතා පැවසීය.
දැනට දිනකට එවැනි පරික්ෂා කිරීම් 30-40 අතර සිදු කිරීම කරන බවටත් රෝහල් කමිටු සභාපතිවරයා පවසා සිටියේය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා