බුද්ධි තක්සේරුවකට අනුව උතුරු කොරියාව අද (25දා) දිනයේ බැලස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති බව එක්සත් ජනපදය පවසයි.
කෙසේ වෙතත් ඒවා කෙටි, මධ්‍යම හෝ දිගු දුර අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බව එරට ආරක්ෂක අංශ පවසයි.
එක්සත් ජනපද හමුදා හා බුද්ධි අංශ තවමත් මේ පිළිබඳ පරීක්ෂණ දියත් කිරීමේ දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ කුමන ආකාරයේ මිසයිල අත්හදා බැලීමක් සිදුකළේද සහ එය කොතරම් දුරක් ගියේද යන්න තීරණය කිරීම සඳහාය.
එක්සත් ජනපදය රේඩාර් සහ චන්ද්‍රිකා හරහා උතුරු කොරියානු ආයුධ අත්හදා බැලීම් නිරික්ෂණය කරන අතර, මිසයිලයක් දියත් කළ වහාම එහි තාප සංඥා සොයා ගැනීමට ඔවුන් සමත් වන්නේ එබැවිනි.
ඒ අනුව කොරියානු අර්ධද්වීපය සහ ජපානය අතර උතුරු කොරියාව මුහුද දෙසට නාඳුනන ප්රක්ෂේපිතයක් දියත් කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ද මීට පෙර සඳහන් කර තිබුණි.
මේ අතර ජපානයේ ආරක්ෂක අමාත්‍යංශයට අනුව, ප්රක්ෂේපිතයන් ජපාන භූමියෙන් සහ එහි සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත සාගරයට වැටී ඇති අතර, සුන්බුන් කඩා වැටීම ගැන සොයා බලන ලෙස ජපානයේ වෙරළාරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසුව උතුරු කොරියාව පසුගියදා කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලූ බව එක්සත් ජනපද නිලධාරීන් අඟහරුවාදා ප්‍රකාශ කළේ, මෙම මිසයිල පරීක්ෂණය සාමාන්‍ය හමුදා ක්‍රියාකාරකම් ලෙස උපුට දක්වමිනි. ඒවා කෙටි දුර, බැලස්ටික් නොවන මිසයිල පද්ධති වන අතර ඒවා වඩාත් තර්ජනාත්මක ආයුධ තහනම් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට යටත් නොවන බව එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වාර්තාකරුවන්ට පැවසීය.