උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් හදිසි හෘදයා බාධයක් සමග සිදුකළ සැත්කමකින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇමෙරිකව පවසයි.
අප්‍රේල් මස 15දා පැවති නැසීගිය තම සීයාගේ උපන්දින සැමරුම වෙනුවෙන් කිම් ජොන්ග්-උන් සහභාගී නොවීම ඔහු පිළිබඳ වැඩි අවධානයක් යොමුවීමට හේතු වී ඇත.
36 හැවිරිදි වියේ පසුවන උතුරු කොරියානු නායකයා ඊට දින 4කට පෙර රජයේ නිල උත්සවයකදී දැකගත හැකිව තිබේ.
ඇමෙරිකාව පෙන්වා දෙන්නේ හදිසි හෘද සැත්කමකින් පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවට තොරතුරු පවතින බවයි.
අධික ලෙස දුම්පානයට ඇබ්බැහිවී සිටීම, ස්ථුලතාව සහ අධික ලෙස වැඩි කිරීම ඔහුගේ ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතු වී ඇති බවද කියැවෙයි.
විශේෂයෙන්ම උතුරු කොරියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් නොමැති බවට මුලින් උතුරු කොරියාව පැවසුවත්, පසුව එරටින් කොවිඩ්-19 රෝගීන් පිළිබඳ වාර්තා විය.
ඒ අනුව රට කොවිඩ්-19 සටනට මුහුණ දෙන අවස්ථාවේදී නායකයා අසනීප වී ඇති බවත්, යම් ලෙසකින් උතුරු කොරියාවේ බලය පිළිබඳ ගැටලුවක් උද්ගත වුවහොත්, කිම් ජොන්ග්-උන්ගේ නැගනිය වන කිම් යෝ-ජොන්ග් නායකත්වයට පත්වනු ඇති බවටත් වාර්තා පවතී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන්ට තොරතුරු වාර්තා නොවන බව දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් පවසයි.