සෑම වසරකම ජනවාරි මස තෛපොන්ගල් උදාවෙන් පසුව පැවැත්වෙන යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය යාපනය ජනතාවගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරද උත්කර්ෂවත්ව පැවැත්වුණි.
යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගණය ඇතුළු මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙළිය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධානය කොට තිබිණ.
වෙහෙසට පත්වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්රදායක් ලෙස සරුංගල් සැණකෙළිය පවත්වන බවට යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසීය.
එහිදී විවධ මාතෘකා යටතේ කරත්ත, මාළිගාවන්, සත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ.