උතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්රීක් ආපදා කළමණකරණ කාර්යාලය පවසයි.
මෙහිදී මන්නාරම් දිස්ත්රීක්කයේ පවුල් 75 ක්, කිලිනොච්චියේ පවුල් 28ක්, මුලතිව්හි පවුල් 3ක් සහ වවුනියාවේ පවුල් 07 වශයෙන් විපතට පත්ව ඇති බවට වාර්ථා වෙයි.
මෙහිදී මන්නාරමට හා කිලිනොච්චිය දිස්ත්රීක්කයන් වෙතට අධික වර්ෂාවට අමතරව සුලි සුළං තත්ත්වයක්ද බලපා ඇති අතර මන්නාරමේ සහ කිලිනොච්චියේ නිවාස 30 කට ආසන්න පූරණ හා අර්ධ හානි සිදුව ඇති බවට ආපදා කළමණාකරන කාර්යාල පවසයි.
පවතින වර්ෂාපතනය හමුවේ වසම් භාර ග්රාම නිලධාරීවරුන් මාර්ගයෙන් විපතට පත් පවුල්හි තොරතුරු රැස්කොට එම ජනතාව වෙනුවෙන් සහන සැපයීමටද පියවර ගෙන ඇති බවට ප්රදේශ භාර ආපදා කළමණාකරන කාර්යාල වැඩිදුරටත් පැවසීය.