වත්මන් රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමිව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ 2020 සදහා උතුරු පළාතට පොලිස් නිලධාරින් 2000ක් බදවා ගැනිමට නියමිතය.
ඒ අනුව උපපොලිස් පරික්ෂකවරුන් 200ක් , පොලිස් කොස්තාපල්වරුන් 1400ක් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් වශයෙන් පොලිස් නිලධරයන් 2000ක් බදවා ගැනිමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දි තිබේ.
මෙම බදවා ගැනිම තුළින් නීතිය හා සාමය ආරක්ෂා කිරිමේ වැඩ කටයුතු තවදුරටත් ඉහළ ගුණාත්මක භාවයෙන් කරගෙන යාමට ඉඩකඩ සැලසෙනු ඇත. මෙම නවක නිලධාරින් උතුරු පළාතේ තිබෙන පුහුණු මධ්‍යස්ථාන වලදි පුහුණු කිරිමට නියමිත අතර ඔවුන් ඒම පුහුණුවෙන් පසු සේවය සඳහා යොදවනු ලැබේ.