උතුරු පළාතට මේ දක්වා ලබා නොදුන් බලය වර්තමානයේ ලැබීම ජාතික සංහිඳියාවට ලැබුණු ජයග්‍රහණයක් බවත් මෙවැනි ක්‍රියාවන් නිසා දෙමළ ජනතාවගේ හදවත්වල තව තවත් රජය පිළිබද විශ්වාසයක් ගොඩ නැගෙන බවත් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ දී ඊයේ (17දා) මාධ්‍යවේදීන් හමු වු අවස්ථාවේදී ධීවර අමාත්‍යවරයා විසින් පසුගිය දා උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත පැන නැගුණු ගැටළුකාරී තත්වය නිරාකරනය කිරීමට ගත් පියවර නිසා ඉඩම් කොමසාරිස් වරයා වෙත බලය ලබා ගැනීමට හැකි වු බවද ප්‍රකාශ කළේය.
උතුරේ හා දකුණේ ඇති පරතරය අඩු කර දෙමළ ජනයාගේ උවමනා එපාකම් ඉටු කිරීමට තමන් විසින් ගොඩනැගූ ජාතික සංහිදියාව යහපත් මාර්ගයක් වු බවට ඉතිහාසය යළි යළිත් පෙන්වා දෙන අතර උතුරු පළාත් ඉඩම් කොමසාරිස් වරයාට බලය ලබාදීම තමන්ගේ මතය තහවුරු කර පෙන්වා දෙන බව පැවසුවේය.
ඉඩම් ව්‍යාපෘති සහතික කිරීම, ඉඩම් කච්චේරි පැවැත්වීමේ දින තීරණය කිරීම, ඉඩම් බලපත්‍ර ලබාදීම, හානි වූ බලපත්‍ර සඳහා නව බලපත්‍ර ලබාදීම හා ඉඩම් සිය දරුවන් හට බෙදා දීමේදී නව බලපත්‍ර ලබාදීම වැනි බලය උතුරු පළාත හැර අනිකුත් පළාත් ඉඩම් කොමසාරිස් වරයන්ට ලබාදී ඇත.
නමුත් උතුරු පළාතේ ඉඩම් කොමසාරිස් වරයාට මෙම බලය මෙතෙක් කාලයකට ලැබී නැත. මේ සම්බන්ධව ඉඩම් අමාත්‍යවරයා ඇතුලු අදාළ පාර්ශවයේ අවධානයට ලක් කළ අමාත්‍යවරයා මෙවැනි බලය උතුරු පළාත් ඉඩම් කොමසාරිස් වරයාට ලබාදීමේ අවශ්‍යතාව විටින් විට පෙන්වා දුන්හ .
ධීවර අමාත්‍යවරයාගේ අදහස් වල තිබුණු සාධාරණත්වය පිළිගත් අදාළ පාර්ශවයේ අනිකුත් පළාත් 08 හි ඉඩම් කොමසාරිස් වරයන්ට ලබා දී ඇති ඉඩම් සම්බන්ධ බලය උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයාටත් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.