උත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ අද (15) සිට නැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන් තඹුත්තේගම වෙළද සංගමය ඇතුළු පාර්ශව කීපයක් කළ ඉල්ලීමකට අනුව දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මගී ප්‍රවාහන කළමනාකරණය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව තඹුත්තේගම හා අවට ප්‍රදේශවාසීන්ගේ පහසුව සදහා උත්තරදේවී ශිඝ්රගාමී දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ අද (15) සිට නැවැත්වීම සිදු කෙරේ.
ඒ අනුව අද (15) උදෑසන පෙරවරු 9.43 සිට උත්තරදේවී ශිඝ්රගාමී දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ප්‍රථම වරට නැවැත්වූ අතර එය සෑම දිනකම උත්තර දේවී ශිඝ්රගාමී දුම්රිය කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන අවස්ථාවේදී උදෑසන 9.43 ට හා පෙරවරු 11.50 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන උත්තර දේවී ශිඝ්රගාමී දුම්රිය නැවත සවස 3.00 ට තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් නැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම දුම්රිය ගල්ගමුව, මහව, කුරුණෑගල , පොල්ගහවෙල යන දුම්රිය ස්ථානයන්හි නැවැත්වේ.
එප්පාවල - තිසර සමල්